ගත වූ දෙවසර තුළ ඉදිකිරීම් ක්ෂේත්රයේ සිදු වූ පිබිදීමත් සමග සිමෙන්ති සඳහා ඇති ඉල්ලුම ඉහළ යාමෙන් සිමෙන්ති හිඟයක් මතුව ඇති බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
ජනපති ලේකම් කාර්යාලයේදී ව්‍යාපාරිකයන් සමග පැවැති හමුවකදී ඔහු පැවැසුවේ ඉදිරියේදී සිමෙන්ති නිෂ්පාදනය සම්පූර්ණයෙන් රට තුළ සිදු කිරීමට රජයේ අවධානය යොමුව ඇති බවයි.
එසේම අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් වෙළෙඳපොළ තුළ නැති බවත් ඖෂධ මිල හැර භාණ්ඩ රැසක මිල පාලනය ඉවත් කිරීමට ගත් තීරණයෙන් අයුතු ප්‍රයෝජන නොගන්නා ලෙසත් ඔහු ව්‍යාපාරිකයින්ගෙන් ඉල්ලා සිටියේය.
